26 C
Colombo
Monday, April 29, 2024
spot_img

Loanme ආයතනය සතුව ඇති නීතිමය තත්වය යටතේ ආයතනයට එරහිව අසත්‍ය තොරතුරු/ද්වේෂ සහගත ප්‍රකාශ සමාජ ගත කරන්නට එරහිව හා ආයතනයට මුදල් ගෙවීම පැහැර හරින්නන් සඳහා අධිකරණය ඔස්සේ කටයුතු කර ඇත.

Loanme සහ DALA අන්තර්ජාල ණය පිළිබඳ වැරදි තොරතුරු පතුරුවන පාර්ශ්වයන්ට එරෙහිව අපහාස නඩු ගොනු කරයි!

Facebook සහ WhatsApp භාවිතා කරමින් අන්තර්ජාලය හරහා ණය ලබා දීම සම්බන්ධයෙන් ද්වේශසහගත, සාවද්‍ය සහ නීති විරෝධී සාවද්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට එරෙහිව Loanme ඇතුළු DALA සාමාජිකයින් අත්තනගල්ල දිසා අධිකරණයේ අපහාස නඩුවක් ගොනු කර ඇත.

ෆේස්බුක් සහ වට්ස්ඇප් වැනි සමාජ ජාල ඔස්සේ අසත්‍ය, සහ ද්වේෂ සහගත ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් විත්තිකරුවන්ට ඒකාබද්ධව සහ තනි තනිව රුපියල් මිලියන 4,250ක වන්දි මුදලක් ව්‍යාපාර අලාභය සඳහා රුපියල් මිලියන 500ක් සහ තවත් රුපියල් මිලියන 350ක වන්දියක් පැමිණිලිකරුවන් විසින් ඉල්ලා සිටියි.

විත්තිකරුවන් විසින් ගෙන යන ද්වේශසහගත ප්‍රචාර හේතුවෙන් පැමිණිලි පාර්ශවයට සිදු වූ අගතියට වන්දි ඉල්ලා සුදත් පෙරේරා ඇසෝසියේට්ස් විසින් මෙම නඩු ගොනු කර නියෝජනය කරනු ලබයි.

DALA හි සාමාජිකයෙකු ලෙස Loanme, අපගේ වටිනා ගනුදෙනුකරුවන් මූල්‍ය වංචාවලින් සහ නොමඟ යවන සමාජ කණ්ඩායම්වලින් ආරක්ෂා කිරීමට කැපවන අතරම, තිරසාර පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාරික අත්දැකීම් අඛණ්ඩව ලබා දෙයි. ගනුදෙනුකරුවන්ගේ ක්ෂණික නමුත් අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සඳහා පවතින රික්තය පිරවීම සඳහා පවතින නීති සහ රෙගුලාසි වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය නිර්මාණය කරමින් මූල්‍ය ක්ෂේත්‍රය වෙත අපගේ ප්‍රගතිය සඳහා ඔබේ විශ්වාසය සහ අප සමඟ නොනවතින හවුල්කාරිත්වය සාක්ෂාත් කර ගැනීමට අපට ගෞරවයක් සහ වරප්‍රසාදයක් ඇත.

Daily Mirror පුවත්පත: https://www.dailymirror.lk/print/front-page/Defamation-cases-filed-targeting-social-media-misinformation-on-Online-Loans/238-280423

Virakesari Online: https://www.virakesari.lk/article/180725

Ceylon Sri: https://ceylonsri.com/2024/04/08/%E0%AE%92%E0%AE%A9%E0%AF%8D%E0%AE%B2%E0%AF%88%E0%AE%A9%E0%AF%8D-%E0%AE%8A%E0%AE%9F%E0%AE%BE%E0%AE%95-%E0%AE%95%E0%AE%9F%E0%AE%A9%E0%AF%8D-%E0%AE%B5%E0%AE%B4%E0%AE%99%E0%AF%8D%E0%AE%95%E0%AF%81/

Jaffna Muslim: https://www.jaffnamuslim.com/2024/04/3.html?m=1

අරුණ පුවත්පත: https://www.aruna.lk/articles/B8W2eeOfxLdatN2JIcQX

Ceylon Today පුවත්පත: https://drive.google.com/file/d/11B5IbQgu09hq7MihMTpryKluKqFFWCBN/view?usp=sharing

දිවයින පුවත්පත: https://drive.google.com/file/d/19BpWtSK0CHOuIqhxxVvUHRmhRpZ80FZR/view?usp=sharing

ලංකාදීප පුවත්පත: https://drive.google.com/file/d/1v10MU0w6KuvHPo_jWwBGjFxZEYPqYqnP/view?usp=sharing

Thinakaran පුවත්පත: https://drive.google.com/file/d/1pjfQ6w8rc1DzGjB-wy1wOS-GfxHhmu3s/view?usp=sharing

ලෝන් මී ශ්‍රී ලංකා ආයතනය විසින් ණය මුදල් පැහැර හරින්නන් සඳහා ගනු ලබන නීතිමය තත්වයන්

මෑත කාලයේදී ලෝන් මී ශ්‍රී ලංකා (Loanme Sri Lanka) ආයතනයෙන් ණය ලබාගෙන, නොගෙවා, එය පැහැර හැරිය හැකි ආකරයන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සමහරක් පර්ශවයන් විසින් දිගින් දිගටම ප්‍රචාරය කර, අප පාරිභෝගිකයන් නොමග යවා තිබෙන අයුරු අපට දැකගැනීමට හැකියාව ලැබුනා.

ඔවුන් පවසා සිටින්නේ “ණය නොගෙවන්නන් සඳහා ආයතනය විසින් නීතිමය පියවර ගන්නා බව“ නියෝජිතයන් විසින් පාරිභෝගිකයන් බියගැන්වීමට පමණක් යොදාගන්නා බවත් ආයතනයට ණය මුදල් නැවත ගෙවීම පැහැර හැරීම සම්බන්දව කිසිදු නීතිමය ක්‍රියාමායක් ගත නොහැකි බවයි. එහෙත් අප ආයතනය වසර 3කට ආසන්න කාලයක් පුරාවට ණය මුදල් මග හරින්නන් සම්බන්ධව ගතයුතු ක්‍රියාවන්, අදාල ක්‍රියාපටිපාටීන් වලට අනුකූලව ක්‍රියාත්මක කර ඇත.

ආයතනය විසින් ගනු ලබන නීතිමය තත්වයන්:

ඔබ විසින් ණය මුදලක් ලබාගෙන එය පියවීම අතපසු කරන්නේ නම් අප ආයතනය විසින් ප්‍රථමයෙන්ම ඔබව දුරකථන ඔස්සේ දැනුවත් කරයි. එහිදී ඔබගේ මුදල ගෙවිය හැකි ආකාර පිළිබඳවත් නියෝජිතයන් විසින් දැනුවත් කරනු ලබයි.

ඔබව නියෝජිතයන් විසින් හසුරුවන කාල සීමාව තුලද ඔබ මෙම මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් ආයතන‍ය විසින් ඔබගේ ගිණුම් විස්තර, ඔබව සමථ මණ්ඩලයට කැඳවීම සඳහා ලබාදේ. ශ්‍රී ලංකා සමථ මණ්ඩලය යනු  ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ස්වාධීන ආයතනයකි. එහි ප්‍රධාන අරමුණ වන්නේ රට තුළ ආරවුල් විසඳීමේ ක්‍රමයක් ලෙස සමථකරණය භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීමයි.

සමථ මණ්ඩලයට කැඳවීමෙන් අනතුරුවත් ඔබ මෙම මුදල් පැහැර හැරීම සිදු කරන්නේ නම් ආයතනය විසින් ඔබට ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ලැබේ. එනම් අධිකරණ ක්‍රියාමාර්ග තුලින් නඩු පැවරීමයි. මෙලෙස අධ්කරණ ක්‍රියාමාර්ග වලට එළඹීම මගින් ඔබට ණය මුදල, එයට අදාල පොළිය, එම ණය මුදලට අදාල ප්‍රමාද ගාස්තු මෙන්ම සියලු නඩු ගාස්තුද ගෙවීමට ද සිදුවිය හැක.

මෙලෙස සමථ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කෙරූ අවස්ථාවක් හා නඩු ක්‍රියාවන්ට එළඹුණු අවස්ථාවක් පහතින් දක්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

16,378FansLike
700FollowersFollow
462SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles