33 C
Colombo
Saturday, April 27, 2024
spot_img

ලෝන් මී ශ්‍රී ලංකා ආයතනය විසින් ණය මුදල් පැහැර හරින්නන් සඳහා ගනු ලබන නීතිමය තත්වයන්

මෑත කාලයේදී ලෝන් මී ශ්‍රී ලංකා (Loanme Sri Lanka) ආයතනයෙන් ණය ලබාගෙන, නොගෙවා, එය පැහැර හැරිය හැකි ආකරයන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සමහරක් පර්ශවයන් විසින් දිගින් දිගටම ප්‍රචාරය කර, අප පාරිභෝගිකයන් නොමග යවා තිබෙන අයුරු අපට දැකගැනීමට හැකියාව ලැබුනා.

ඔවුන් පවසා සිටින්නේ “ණය නොගෙවන්නන් සඳහා ආයතනය විසින් නීතිමය පියවර ගන්නා බව“ නියෝජිතයන් විසින් පාරිභෝගිකයන් බියගැන්වීමට පමණක් යොදාගන්නා බවත් ආයතනයට ණය මුදල් නැවත ගෙවීම පැහැර හැරීම සම්බන්දව කිසිදු නීතිමය ක්‍රියාමායක් ගත නොහැකි බවයි. එහෙත් අප ආයතනය වසර 3කට ආසන්න කාලයක් පුරාවට ණය මුදල් මග හරින්නන් සම්බන්ධව ගතයුතු ක්‍රියාවන්, අදාල ක්‍රියාපටිපාටීන් වලට අනුකූලව ක්‍රියාත්මක කර ඇත.

ආයතනය විසින් ගනු ලබන නීතිමය තත්වයන්:

ඔබ විසින් ණය මුදලක් ලබාගෙන එය පියවීම අතපසු කරන්නේ නම් අප ආයතනය විසින් ප්‍රථමයෙන්ම ඔබව දුරකථන ඔස්සේ දැනුවත් කරයි. එහිදී ඔබගේ මුදල ගෙවිය හැකි ආකාර පිළිබඳවත් නියෝජිතයන් විසින් දැනුවත් කරනු ලබයි.

ඔබව නියෝජිතයන් විසින් හසුරුවන කාල සීමාව තුලද ඔබ මෙම මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් ආයතන‍ය විසින් ඔබගේ ගිණුම් විස්තර, ඔබව සමථ මණ්ඩලයට කැඳවීම සඳහා ලබාදේ. ශ්‍රී ලංකා සමථ මණ්ඩලය යනු  ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ස්වාධීන ආයතනයකි. එහි ප්‍රධාන අරමුණ වන්නේ රට තුළ ආරවුල් විසඳීමේ ක්‍රමයක් ලෙස සමථකරණය භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීමයි.

සමථ මණ්ඩලයට කැඳවීමෙන් අනතුරුවත් ඔබ මෙම මුදල් පැහැර හැරීම සිදු කරන්නේ නම් ආයතනය විසින් ඔබට ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ලැබේ. එනම් අධිකරණ ක්‍රියාමාර්ග තුලින් නඩු පැවරීමයි. මෙලෙස අධ්කරණ ක්‍රියාමාර්ග වලට එළඹීම මගින් ඔබට ණය මුදල, එයට අදාල පොළිය, එම ණය මුදලට අදාල ප්‍රමාද ගාස්තු මෙන්ම සියලු නඩු ගාස්තුද ගෙවීමට ද සිදුවිය හැක.

මෙලෙස සමථ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කෙරූ අවස්ථාවක් හා නඩු ක්‍රියාවන්ට එළඹුණු අවස්ථාවක් පහතින් දක්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

16,378FansLike
700FollowersFollow
462SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles