34 C
Colombo
Thursday, May 2, 2024
spot_img

Loanme Sri Lanka ආයතනය සතුව පවතින නීතිමය පැතිකඩ

සාමිප්‍රදායික බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන වෙත ගොස් කඩදාසි රාශියක අත්සන් පිරවීමෙන් අනතුරුව ණය පහසුකමි ලබා ගැනීම නූතන විද්‍යුත් ගෝලීය යුගයේ තවදුරටත් වලංගු අවශ්‍යතාවයක් නොවෙි. වර්තමානයේ එම යල්පැනගිය ක්‍රියාවලීන් වල පැවති කඩදාසි පිරවීමෙි අවශ්‍යතාවය ඉවත් කරමින් දුරකථන, විද්‍යුත් තැපෑල, දුරකථන කෙටි පණිවිඩ වැනි සන්නිවෙිදන මාධ්‍යයන් මගින් ඉතා කඩිමින් හා කාර්්‍යක්ෂමව ණය පහසුකමි ලබා දීම හා ලබා ගැනීමට හැකි වපසරියක් නිර්මාණය කරමින් මූල්‍ය වෙළදපල කඩදාසි පිටුදකින (Paperless/Paper-free) යුගයක් කරා ප්‍රවිශ්ඨ වී ඇත.

සිය අත්සන් මුද්‍රා ඇතුළත් කරමින් මූද්‍රිත ගිවිසුමි මත ණය ලබා දීම හා ණය ලබා ගැනීමෙි ක්‍රමවෙිදයන් දිගු කාලයක පටන් සිට යෙදී ඇති බැවින් ණය ලබා ගන්නා මෙන්ම ණය ලබා දෙන ආයතනයන්ද පෙර කී නූතන ක්‍රමවෙිදයන් මත කටයුතු කිරීමෙිදී පවතින නීතිමය පසුබිමෙහි වෙනසක් සිදු වී තිබෙි දැයි සැළකිය යුතුව ඇත.

මෙහිදී අප අත්‍යවශ්‍යයෙන් අවබෝධ කරගත යුතු වන්නේ නූතන විද්‍යුත් වාණිජ්‍ය ක්‍රමවෙිදයන් මත ගිවිසුමි සමිබන්ධ මූලිකාංග (Substances of an Agreement) වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බවත්. එමගින් සිදු වී ඇත්තේ පාර්ශවයන් ගිවිසුමි කරා එළැඹෙන ක්‍රියාවලියේ (Process) හුදු වෙනසක් පමණක්ම වන බවයි.

එනමි සාමිප්‍රදායික කඩදාසි පිරවීමේ ක්‍රමවෙිදය මත ගණුදෙණුකරුවකුගේ ණය ඉල්ලුම්පත්‍රය (Loan Application) මගින් අර්පණයක් (Offer) ණය ලබා දෙන ආයතනය වෙත ලැබෙන අතර එය ප්‍රතිග්‍රහණය (Acceptance) කරන එම ආයතනය ගණුදෙණුකරු හා අත්සන් කරනු ලබන කඩදාසියක මූද්‍රිත ගිවිසුමක් (Written Agreement) මත ණය මුදල් නිදහස් කරනු ලබයිග එවිට එලෙස එම ලිඛිත ගිවිසුම අත්සන් කරන ලද ආයතනය හා ගණුදෙණුකරු එම ගිවිසුමෙි සදහන් කොන්දේසි මගින් බැදී සිටින අතර ණය ගෙවීම පැහැර හැරීමකදී එම ලිඛිත ගිවිසුම මත නඩු පවරා සහන ලබා ගැනීමෙි හැකියාව එම ආයතනය සතු වෙිග නීතීය පිළිබද අල්ප හෝ කිසිදු දැනුමක් රහිත ගණුදෙණුකරුවකු පවා මෙම සාමිප්‍රදායික කඩදාසි පිරිවුමි ක්‍රමවෙිදය මත ණය ලබා ගැනීමෙිදී තමා අත්සන් කරන ලද ගිවිසුමෙන් බැදී සිටින බවත් ණය ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් තමාව විරුද්ධව නඩු පැවරීමල නඩු තීන්දුවක් මගින් දේපල තහනමට ගෙන වෙන්දේසි කර මුදල් අය කර ගැනීම ආදී නෛතික ප්‍රතිවිපාක පිළිබද සමාජයීය වශයෙන් අත්දැකීමි මත දැනුවත් වී සිටිති.

කෙසේ වෙතත්, නූතන විද්‍යුත් ක්‍රමවෙියන් මත ක්ෂණික හා කඩිනමින් ණය ලබා ගැනීමෙිදී ලේඛණ අත්සන් කිරීමක් සිදු නොවන බැවින් එලෙස ලබා ගත් ණය ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් තමාට විරුද්ධව නඩු පැවරීමෙි හැකියාව පිලිබදව බොහෝ ගණුදෙණුකරුවන් නොදැනුවත්ව සිටී.

ඉහත සදහන් කරන ලද පරිදි විද්‍යුත් ක්‍රමවෙිදයන් මත සිදු වී ඇත්තේ පාර්ශවයන් ගිවිසුමි කරා එළැඹෙන ක්‍රියාවලියේ හා ක්‍රමවෙිදයේ හුදු වෙනසක් පමණක්ම වන බව මෙහිදී නැවත සිහිපත් කළ යුතුය’ වැදගත් විය යුතු වන්නේ ගිවිසුමක අර්පණය හා ප්‍රතිග්‍රහණය සදහා යොදා ගන්නා කඩදාසි හා එකිනෙකා හමු වීමෙි ක්‍රමවෙිදය පමණක් එමගින් වෙනස් වී ඇතත් ණය ගිවිසුමක පවතින නෛතික තත්වයේ වෙනසක් එමගින් සිදු වී නොමැති බවයි. මෙි පිළිබදව වැඩිදුර කියැවීමක් සදහා උද්ගත විය හැකි සාමාන්‍ය ගැටලු කිහිපයක් සමිබන්ධයෙන් පිළිතුරු පහත පරිදි ඉදිරිපත් කළ හැකිය

  • මෙවැනි ණය දෙනු ලබන ආයතනයන් නීතිය ඉදිරියේ පිළිගත් ආයතනයන් වන්නේද? ඔව්.

මෙවැනි ආයතනයන් මහජන තැන්පතු භාර ගැනීමක් සිදු නොකරන බැවින් එවැනි මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවෙි ලියාපදිංචි කිරීමෙි අවශ්‍යතාවයක් නොමැත. කෙසේ වෙතත් ආයෝජකයින්ට අයත් මුදල් පමණක් ණය වශයෙන් පිරිනමනු ලබන මෙම ආයතනයන් සියල්ලම පාහේ 2007 අංක 07 දරණ සමාගමි පනත යටතේ ලියාපදිංචි සමාගම් වන අතර අධිකරණයක් ඉදිරියේ නඩු පැවරිය සහ පවරනු ලැබිය හැකි නෛතික පුද්ගලභාවයක් හිමි ආයතනයන්ය.

  • විද්‍යුත් ක්‍රමවෙිදයන් මත ණය ලබා ගැනීමේ දී ණය දෙනු ලබන ආයතනය සමග ඔබ ණය ගිවිසුමකට එළැඹීමක් සිදු වන්නේද? ඔව්.

මෙහිදී ණය දෙන ආයතනය විසින් ඔබ වෙත එවනු ලබන ණය ලබා ගැනීම සමිබන්ධ දැන්වීමට (Advertisements) ඔබ දක්වන ඔීනෑම ක්‍රමවෙිදක් මත වූ ප්‍රතිචාරය ගිවිසුම් නීතිය යටතේ පිළිගත් අර්පණය (Offer) වෙි. එම ඉල්ලීම ණය දෙනු ලබන ආයතනය විසින් පිළිගැනීම ගිවිසුම ප්‍රතිග්‍රහණය (Acceptence) කිරීම වෙි. ඒ අනුව නීතියෙන් වලංගු ගිවිසුමක් ඔබ හා ණය දෙනු ලබන ආයතනය අතර පවතී.

  • විද්‍යුත් ගිවිසුමක් හා සාමාන්‍ය කඩදාසි මත වන ගිවිසුමක් පිළිබදව අධිකරණ ඉදිරියේ නෛතික වෙනසක් පවතින්නේද? කිසිදු වෙනසක් නොපවතී.

2006 අංක 19 දරණ විද්‍යුත් ගණුදෙණු පනතේ ප්‍රකාශිතව නීති සමිපාදනය කර ඇති අතර අනුව අප රට තුළ විද්‍යුත් ගිවිසුමක් හා සාමාන්‍ය කඩදාසි මත වන ගිවිසුමක් සේම වලංගු හා නීතිය ඉදිරියේ පිළිගන්නා ගිවිසුමකි.

  • ඔබ කිසිදු අත්සනක් නොයොදා ඇති බැවින් ණය ගිවිසුම සම්බන්ධයෙන් ඔබට බැදීමක් තිබේද? ඔව්.

2006 අංක 19 දරණ විද්‍යුත් ගණුදෙණු පනතේ ප්‍රතිපාදන අනුව විද්‍යුත් ගිවිසුමක් අධිකරණය ඉදිරියේ තහවුරු කිරීම සදහා එම පනතේ 21 වගන්තිය ප්‍රකාරව දුරකථන සංවාද, විද්‍යුත් තැපෑල, දුරකථන කෙටි පණිවිඩ වැනි සන්නිවෙිදන සාධක අධිකරණයට පහසුවෙන් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැක.

ඒ අනුව ඔබ විසින් ණය ලබා ගැනීම සදහා තහවුරු කර යවන මුර පදය මගින් (One Time Password “OTP” ) ඔබගේ අනන්‍යතාවය තහවුරු වන අතර එය විද්‍යුත් අත්සනක් (Electronic Signature) වශයෙන් සැළකිය හැකි අතර භෞතිකව කොළයක් මත පෑනකින් ඔබ අත්සන් කිරීම තව දුරටත් නූතන නීතිය අපේක්ෂා නොකරයි.

  • මෙවැනි විද්‍යුත් ගිවිසුමි මත පවරන ලැබූ නඩු කටයුතු අප රට තුළ අධිකරණ තුළ පවතින්නේද? බහුලව පවතී.

මෙවැනි ණය නොගෙවීම මත පවරා ඇති නඩු කටයුතු හා නෛතික ක්‍රියාමාර්ග රාශියක් ණය ලබා දී ඇති ආයතන විසින් ගෙන ඇති අවස්ථා විශාල ප්‍රමාණයක් පවතී. එමෙන්ම මෙවැනි ණය ගිවිසුම් කඩ කිරීම් මත ඇති වී ඇති ආරවුල් පොලිස් පැමිණිලි හා සමථ මණ්ඩලය වෙත දක්වා යොමු වී ඇති අවස්ථාද බහුලව දක්නට ඇත.

  • ණය පැහැර හැරීමකදී තමාව විරුද්ධව නඩු පවරා මුදල් හා පොළී අය කර ගැනීමට ණය දෙන ලබන ආයතනයට හැකියාව පවතීද?

මේ පිළිබඳව සමාජයේ විවිධ පාර්ශව විවිධ මත පළ කලද සරළව අවධාරණය විය යුතු වන්නේ විද්‍යුත් ක්‍රමවෙියන් මත ක්ෂණික හා කඩිනමින් ණය ලබා ගැනීමේදී ලේඛණ අත්සන් කිරීමක් සිදු නොවූවද එලෙස ලබා ගත් ණය ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් තමාට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව කිසිදු වෙනසක් නොමැතිව පවතින බවයි.

කරුණු එසේ හෙයින් නූතන විද්‍යුත් ක්‍රමවේධයන් මත ක්ෂණික හා කඩිනමින් ණය ලබා ගැනීමෙිදී ගණුදෙණුකරුවන් පැහැදිලිවම ණය ලබා ගැනීමට අදාළ කොන්දේසි සහ පොලී අනුපාත පිළිබද හුවමාරු කර ගනු ලබන සන්නිවේදනයන් මනාව කියවා අවබෝධ කර ගෙන එම ගණුදෙණු කරා එළැඹිය යුතු අතර ණය පැහැර හැරීමකදී හෝ එළැඔ ඇති කොන්දේසි කඩ කිරීම මත තමාව විරුද්ධව නඩු පැවරා මුදල් හා පොළී අය කර ගැනීමට තීන්දු ප්‍රකාශයක් අධිකරණය මගින් ලබා ගැනීම, එම තීන්දු ප්‍රකාශයේ ක්‍රියාවේ යෙදවීමේ අවශ්‍යතාවය සදහා තමාට අයත් දේපල තහනමට ගෙන විකිණීම වැනි සියලු අගතීදායී ප්‍රතිවිපාක ඇති විය හැකි බවද පැහැදිලි අවබෝධයකින් සිටිය යුතුය.

කෙසේ වෙතත් විද්‍යුත් ක්‍රමවේධයන් මත කඩිනමි ණය ලබා ගැනීම සාමිප්‍රදායික දිගු කාලයක් ගත වන බැංකු ණය හා විවිධ අපහසුතා මතු කරන චංචල හා නිශ්චල දේපළ උකස් ගන්නා අවිධිමත් ණය දෙන පුද්ගලයන්ගෙන් ණය ලබා ගැනීමකින් තොරව තම එදිනෙදා මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට හැකි ඉතා කාර්‍යක්ෂම හා කඩිනම් ක්‍රමවෙිදයක් බැවින් නිසි වගවීමක් සහිතව ණය ලබා ගැනීම නුවණැති ගණුදෙණුකරුවන්ගේ හා ඵලදායී තේරීමක් වී ඇත.

තවද විද්‍යුත් ක්‍රමවේදයන් මත ණය දෙනු ලබන ආයතනය විසින් ප්‍රචාරන කටයුතු දුරකථන යෙදවුම් සහ මාර්ගගත ක්‍රියාකාරකම් සඳහා මූලික වශයෙන් මුදල් වැය කරන බැවින් එම ක්‍රියාවලිය සඳහා මුදලක් (Processing Fee) අය කර ලබා ගනු ලබයි. කෙසේ උවද ගණුදෙණුකරුවන් විසින් එළැඔ එකඟව ඇති කොන්දේසි කඩ නොකොට නිසි ආකාරයෙන් මුදල් නැවත ගෙවන්නේ නම් දඩ පොළී අනුපාතයන් අදාල නොවන බැවින් එය ගණුදෙණුකරුවන්ට වාසිදායක තත්වයකි.

එමෙන්ම කඩිනමින් ණය ගණුදෙණු සිදු කළ හැකි ණයපත් (Credit Card) සදහා වන පොළී අනුපාතිකයන්ට වඩා අඩු තරගකාරී පොළී අනුපාතයක් යටතේ මෙවැනි ණය ලබා ගත හැකි බැවින් ණය ලබා ගැනීමෙි කොන්දේසීන්ට මනාව අවබෝධ කරගනිමින් තම එදිනෙදා මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්නා බොහෝ ගණුදෙණුකරුවන් මෙම ක්ෂණික විද්‍යුත් ණය ක්‍රමවෙිදන් මත සිය විශ්වාසය තබමින් තම කැමැත්තෙන් අයදුමි කර ලබා ගත් මුදල් නිසි ආකාරයෙන් නැවත ගෙවා සාර්ථකව ගණුදෙණු සිදු කරමින් සමාජීය හා ආර්ථිකමය ලෙස සාර්ථක වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

16,378FansLike
700FollowersFollow
462SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles